top of page

BUDGET PC BUILD 

E01

PC Build කරන අයට ඉතා වැදගත් වෙන පෝස්ට් එකක්.ඉතිම් මේ පෝස්ට් එක ගොඩක් Budget PC බිල්ඩ් වලට යන අයට ඉතා වැදගත් වේවි.මේ වගේ PC Build ඔයාගෙ Budget එකටත් ගැලපෙන  විදිහට පෝස්ට් පලකරගන්න ඕනේ නම් අපේ Facebook පිටුවට Massage එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතිම් මේ පොස්ට් PC BUILD කරන්න ඉන්න අයට වගේම අනිත් අයටත් වැදගත් වේවි මොකද ඔයාලට මේ පෝස්ට් එකෙ PC Parts ගැන දැනුමක් ගන්න පුලුවන් වේවි.අපි අපේ Processor එකේ ඉදන් වැඩේ පටන් ගමු

  • මොකද්ද ගන්න Processor එක

අපි කරන්නෙ Budget Build එකක් නිසා මම හිතුවා Intel Pentium Processor එකකට යන්න.ගොඩක් අයට හිතෙනව ඇති Pentium කිව්වම Pentium II,Pentium III වගේ හද්ද ප‍රණ Processor කියලා.නෑ මම මේ Build එකට ඔයාලට යෝජනා කරන්නේ Pentium G කියන Category එකේ Processor එකක් ඒ කිව්වේ Pentium G4560 කියන Processor එක.ඒකෙ Details ඔයාලට පහලින් බලාගන්න පුලුවන්

  • මේ Processor එකම විතරද ගන්න පුලුවන් ?

SOCKET Type : LGA1151 
Base FREQUENCY : 3.60 GHz
Number of CORES : 2
Number of Threads : 4
Cache Memory : 3MB
INCLUDES CPU COOLER : Yes
HYPER-THREADING : Yes
MAXIMUM SUPPORTED MEMORY : 64 GB
INTEGRATED GRAPHICS : Intel® HD Graphics 630

අපෝ නෑ ඔයාලට කැමතිනම් Pentium G4600 (Budget එක ටිකක් වැඩිවෙනවා) Intel Core I3 (Budget එක ටිකක් වැඩිවෙනවා) එකකට වුනත් යන්න පුලුවන් ඔයාල වෙනත් Processor එකකට යනවනම් ඔයාලගෙ Budget එක වගේම Processor එකේ SOCKET Type එක ගැන සහ Gen  එක වගේ දේවල් ගැන ටිකක් කල්පනාකාරී වෙන්න ඒ මොකද කියාල Motherboard එකක් තෝර ගනිද්දි බලමු

  • මොකද්ද ගන්න Motherboard එක

ඉතිම් මම කිව්වනේ Processor එකේදී යම් යම් කරුනු ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා.ඒ මොකද කිව්වොත් අපේ Motherboard එකට ඒක බලපානවා. ඒ කොහොමද කියල කිව්වොත් ඔයාල ගත්ත Motherboard එකේ Processor Socket එකට ඔයාල ගත්ත Processor එක ගැලපෙන්නෙ නැත්නම් ඔයාලගෙ Processor එක හෝ Motherboard එක වෙනස් කරන්න වෙනවා.එතකොට අපේ Budget එකත් වෙනෙස් වෙන්න පුලුවන්.හරි  Build එකට මම යෝජනා කරන්නේ H110 Category එකේ Motherboard එකක්.ඔයාලට පුලුවන් ඕනම Brand එකක H110 Motherboard එකක් Use කරන්න. මම මේ H110 Motherboard වලින් තෝරගත්තේ Gigabyte Brand එකේ Gigabyte H110   කියන Motherboard එක.ඉතිම් ඔයල මේ Motherboard එක ගන්නවනම් අනිවාර්‍යයෙන්ම ඔයාල මේ Motherboard එක ගන්න Shop එකෙන් අහන්න මේ Motherboard එක 7th Gen. Processor Support ද? කියල එහෙම නැතිවුනොත් ඔයාට වෙන Motherboard එකකට Change වෙන්න වෙනවා.ඒ මොකද අපි ගන්න Processor එක 7th Gen එකක් නිසා(මා යෝජනා කල Processor එක සදහා).මේ Motherboard එකේ විස්තර පහලින් ඔයාලට බලාගන්න පුලුවන්

Supports 7th / 6th Generation Intel® Core™ Processors

Dual Channel DDR4, 2 DIMMs

8-channel HD Audio with High Quality Audio Capacitors

Audio Noise Guard with LED Trace Path Lighting

HDMI 1.4, D-Sub ports for multiple display

Realtek® GbE LAN with cFosSpeed Internet Accelerator Software

All new GIGABYTE™ APP Center, simple and easy use

GIGABYTE UEFI DualBIOS™ Technology

Support Intel® Small Business Basics

  • මේ Motherboard එකම විතරද ගන්න පුලුවන් ?

අපෝ නෑ ඔයාලට කැමතිනම් B250 Category ඒකේ Motherboard  (Budget එක ටිකක් වැඩිවෙනවා) Z270 Category ඒකේ Motherboard  එකකට වුනත් යන්න පුලුවන්.මම ඉහත Motherboard එකම තෝරගන්න හේතු වුනේ ඒක ගොඩක් මිලෙන් අඩුම වගේම ගොඩක්ම ගැලපුනු Motherboard එක නිසා.

  • මොකද්ද ගන්න RAM එක

මම මේ build එක ගොඩක්ම ඉලක්ක කරේ Budget Gaming PC Build කරන්න ඉන්න අයව ඉතින් මම හිතුවා Gskill Ripjaws V Series එකෙන් DDR4 2400 8GB එකක් දාන්න.ඉතින් මේකෙ ඔයාලට  තනි Sticks එකක් විදිහට තමා ගත්තේ මොකද එතකොට අපේ Budget එක ටිකක් අඩු වෙනවා.ඉතිම් ඒක ගැන Details පහල බලාගන්න පුලුවන්

MANUFACTURER:G.Skill

TYPE:288-pin DIMM

SPEED:DDR4-2400

SIZE:8GB (1 x 8GB)

  • මේ RAM එකම විතරද ගන්න පුලුවන් ?

නෑ නෑ ඔයාලට ඕන Ram එකක් පාවිච්චි කරන පුලුවන් හැබැයි ඒක අනිවාර්‍යයෙන්ම DDR4 විය යුතුයි.මොකද අපි තෝරගත්ත Motherboard එකට Support DDR4 Ram විතරයි.(මම යෝජනා කල  Motherboard සදහා)තව ඔයාලට Ram එකේ Capacity එක මීට වඩා අඩුවෙන් තීන Ram එකක් ගන්නව නම් තවත් Budget eක අඩුකරගන්න පුලුවන්

  • Budget PC Build එකේ E01 ඉවරද?

ඔව් 01 එකනම් මම මෙතනින් ඉවර කරන්න හිතුවා.මොකද ඉතුරු Components ටික ගැන දාන්න ගියොත් මට තව පැය 3 ක් 4ක් Type කරන්න වෙනව වගේම පෝස්ට් එක කියවන ඔයාලටත් එපා වේවි.ඉතින් මම මේ Build එකේ ඉතුරු Components ගැන BUDGET PC BUILD E02 එකෙන් අරගෙන එන්නම්කෝ.මේ පලවෙනි Build එක නිසා තමයි මෙච්චර දිග වුනේ ඔයාල මේකෙන් මොකක් හරි ඉගෙන ගත්තයි කියල මම හිතන්වා ඉතින් මේ පෝස්ට් එක Share කරල අපට සහය වෙන්නත් අමතක කරන්න එපා ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු අපි SL BLITZ 

  • YouTube
  • Facebook Pagae
  • Instagram - Thilaksha Sankalpa
  • Twitter - Chamith Lakshan

© 2018by ChamithL.&ThilakshaS. Proudly created with Wix.com

bottom of page